ජෛව විවිධත්ව සමුළුව සාර්ථකව නිමාවෙයි
2022-12-18 16:16:24
Share with:

ජෛව විවිධත්ව ගිවිසුමේ සාමාජිකයන්ගේ 15වැනි සමුළුවේ (COP15) දෙවන අදියරේ උසස් පෙළ රැස්වීම සාර්ථකව අවසන් වේ.

සමුළුවේ සභාපති, චීන ජෛව පරිසර අමාත්‍ය  Huang Runqiu මහතා ඊයේ (17)  පැවති එම සමාප්ති උත්සවයේ මුලසුන දැරීය. “2020 වසරෙන් පසු ගෝලීය ජෛව විවිධත්වය පිළිබඳ ක්‍රියාකාරී රාමුව” කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව ලොව විවිධ පාර්ශ්ව අපේක්ෂා පළ කර ඇත.

මෙවර උසස් පෙළ රැස්වීමේදී ඉහළ ප්‍රතිඵල අත් වූ බව පැවසූ Huang Runqiu මහතා අවධාරණය කළේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමාරම්භක උත්සවයේ කළ දේශනයේ දී ගෝලීය ජෛව විවිධත්ව ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා 4, ලොව ජෛව විවිධත්ව පාලනය සඳහා ප්‍රබල දේශපාලනමය දිරිගැන්වීමක් වන බවයි. ගිවිසුමේ පාර්ශ්ව 140 ක සාමාජිකයෝ සහ ජාත්‍යන්තර සංවිධාන 60 ක පමණ නියෝජිතයෝ 1000කට අධික පිරිසක් සමුළුවට එක්ව සිටියහ. අමාත්‍ය මට්ටමේ නියෝජිත‍යන් 200 ක පමණ පිරිසක් ඊට ඇතුළත් ය. ජෛව විවිධත්ව ගිවිසුමේ සාමාජිකයන්ගේ සමුළු ඉතිහාසයේ  උසස් පෙළ නියෝජිතයන් වැඩිම පිරිසකගේ සහභාගිත්වය මෙවර වාර්තා වීම විශේෂත්වයකි. ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ ජගත් ප්‍රජාවේ ඉහළ අවධානය ඉන් පිළිබිඹු වේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම