ලබන වසරේ චීන ආර්ථිකය නැංවීම සඳහා චීන ජනපතිගෙන් මාර්ගෝපදේශ
2022-12-16 21:22:49
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ, ආර්ථිකය පිළිබඳ රැස්වීම පැවැත්වේ. එය 15 සහ 16 දෙදින බෙයිජිං අගනුවර දී පවත්වනු ලැබීය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින් පිං මහතා ඊට එක්වෙමින් දේශනයක් පැවැත්වීය. මෙම වසරේ ආර්ථිකය පිළිබඳ රාජකාරි මෙහිදී සාරාංශගත කළ ජනාධිපතිවරයා, වත්මන් ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කොට ලබන වසරේ ආර්ථික කාර්යභාරයන්ට අවශ්‍ය  මාර්ගෝපදේශ ලබා දී තිබේ. අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ද ලබන වසරේ චීන ආර්ථික කාර්යභාරයන් උදෙසා උපදෙස් දී ඇත.

ගෙවී යන වසර, ඓතිහාසික වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ අතිශය වැදගත් වසරකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය මේ වසරේ දී සාර්ථකව පැවැත්විණ. චීනය, සමාජවාදී නවීකරණයෙන් යුතු රටක් ලෙස පූර්ණ වශයෙන් ගොඩනැංවීමේ දැවැන්ත අභිමානය එමගින් විග්‍රහ කෙරුණු බව රැස්වීම පෙන්වා දෙයි.

ආර්ථිකය මනා ව සංවර්ධනය කිරීම උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂයේ හා මධ්‍යම කාරක සභාව නොසැලෙන නායකත්වයක් ලබාදිය යුතු ය.  රට සමෘද්ධිමත් කිරීමේ ප්‍රමුඛ කාර්යයේ වැදගත්කම ද එහිදී අවධාරණය කෙරිණ. ලබන වසරේ, ස්ථායිතාව කෙරෙහි ඉහළ අවධානයක් දක්වමින් ආර්ථිකය වර්ධනය කළ යුතු අතර, සක්‍රිය මූල්‍ය ප්‍රතිපත්තීන් හා ස්ථාවර මුදල් ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවිය යුතු බවට ද රැස්වීමේ දී උපදෙස් දී තිබේ.

ලබන වසරේ චීන ආර්ථික වර්ධනය අසීරුතා හා අභියෝග රැසකට මුහුණපෑමේ ඉඩක් පවතී. වසංගත පාලනය, ආර්ථික වර්ධනය සමගම  ප්‍රශස්ත අයුරින් ක්‍රියාත්මක කළ යුතු ය. ග්‍රාමීය සංවර්ධනය තවදුරටත් තහවුරු කෙරෙන අතර, ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම අධිගුණාත්මක ව ඉදිරියට මෙහෙයවිය යුතු ය.

චීනය සමාජවාදී නවීන රටක් ලෙස පූර්ණ වශයෙන් ගොඩනැංවීමටත්, චීන ජාතියේ දැවැන්ත  පුනර්ජීවනය ඉදිරියට මෙහෙයවීමට නව දායකත්වයක් ලබාදීමටත් එක්වන ලෙස මෙම රැස්වීම චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටී.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම