ඇමරිකාවේ අයුතු අපනයන සීමාවලින් ජාත්‍යන්තර ගනුදෙනුවලට බාධා එල්ල වන බවට චීනයෙන් චෝදනා
2022-12-13 17:40:48
Share with:

ඇමරිකාව අයුතු ලෙස පනවන අපනයන සීමාවලින් ජාත්‍යන්තර ගනුදෙනුවලට බාධා එල්ල වන බව චීනය පවසයි. චීනයට චිප් අපනයනය කිරීම ඇමරිකාව විසින් තහනම් කරනු ලැබීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත ඊයේ(12) චෝදනා ගොනු කර තිබේ. 

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවේ, ඇමරිකාව අයුතු ලෙස අපනයන සීමා පැනවීමෙන් චිප් ඇතුළු නිෂ්පාදනයන් හි සාමාන්‍ය ජාත්‍යන්තර ගනුදෙනුවලට බාධා එල්ල වී ඇති බවයි. ඉන් ගෝලීය අර්ධ සන්නායක සැපයුම් දාමයට හා ජාත්‍යන්තර වෙළඳාමට හානි සිදු වනු ඇත. මෑත වසර කිහිපය තුළ ඇමරිකාව ජාතික ආරක්ෂාව මුවාවෙන්, ජාත්‍යන්තර ගනුදෙනුවලට නිරන්තර බාධා එල්ල කරමින් සිටී. එය ජගත් ප්‍රජාවේ පොදු විරෝධයට ලක්ව ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම