පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්
2022-12-13 10:29:26
Share with:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කෙරේ.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (12) එම පෙත්සම් ගොනු කළහ.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් මෙම එක් පෙත්සමක් ද ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්. ඒ. සුමන්දිරන්, අනුර ප්‍රියදර්ශන යාපා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එක් පෙත්සමක් ද ඉදිරිපත් කරන ලදි. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සහ එම කොමිසමේ සාමාජිකයින් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මෙහි වගඋත්තරකරුවෝ වෙති.

මේ වන විට මෙරට තුළ මහ නගර සභා 24ක් ද, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ලෙස පාලන ආයතන 340ක් ක්‍රියාත්මක වන බව පෙත්සම්වල සඳහන් වේ. එම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 2023 වසරේ මාර්තු මස 19 වනදා අවසන් වීමට නියමිතව අතර, නව නිල කාලය මාර්තු 20 වැනිදා ආරම්භ විය යුතු බව පෙත්සම්කරුවෝ කියති.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම