විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීම ලබන සතියේ සිට
2022-12-12 13:32:58
Share with:

මෙවර විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වුවන්ට සුදුසුකම් ලබා ඇති පාඨමාලා පිළිබඳ දැනටමත් දැනුවත් කර තිබේ. ලියාපදිංචි කිරීම් සිදු කෙරෙන්නේ ඒ අනුවය. ලබන මාසයේ සිට ක්‍රමානුකුලව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කරයි. විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අනුව ජෛව විද්‍යා විෂය ධාරාව යටතේ 9 දහස් 749 දෙනෙක් ද, භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ 8 දහස් 20 දෙනෙක් ද, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගෙන තිබේ. වාණිජ විෂය ධාරාව යටතේ තෝරාගෙන ඇති සංඛ්‍යාව 7 දහස් 701 කි. කලා විෂය ධාරාව යටතේ 11 දහස් 314 දෙනෙක් ද, ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 2 දහස් 236 දෙනෙක් ද, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 1543 දෙනෙක් ද තෝරා ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම