චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිල සමුළුව පිළිබඳව චීනයෙන් විග්‍රහයක්
2022-12-12 19:15:37
Share with:

චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිල සමුළුව පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය කරුණු විග්‍රහ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ පසුගිය දා පැවති එම සමුළුව චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සබඳතාවට ඉතා වැදගත් වන බවයි. එහිදී ‘ චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිල සමුළුව පිළිබඳ ඒකාබද්ධ නිවේදනය ’ පළ විය. ‘ චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය උපායමාර්ගික සංවාදය සම්බන්ධ වසර 2023-2027 ක්‍රියාවලිය ’  ද එහිදී සම්මත කෙරිණ. චීනය ගල්ෆ් සහයෝගතා කවුන්සිලයට අයත් රටවල් සමග සබඳතා වර්ධනය කරනුයේ, ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කිරීම උදෙසා ය. එම ද්විපාර්ශ්වික සබඳතා ඔස්සේ අදාළ රටවල ජනතාවට සුබසෙත සැලසීම එහි අරමුණක් බව Wang Wenbin මහතා කියා සිටී.

ගල්ෆ් සහයෝගිතා කලාපයේ රටවල් සමග මෙන්ම ඉරානය හා චීනය අතර ද සාම්ප්‍රදායික මිතුදමක් පවතී. චීනය එම පාර්ශ්ව 2 සමග සබඳතා වර්ධනය කිරීමේ දී තුන්වන පාර්ශ්වයකට හානි සිදුනොවන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම