චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යං මහතා සහ ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික ආයතන ප්‍රධානීන් හත්වන "1+6" වටමේස සංවාදය පවත්වයි. එම සංවාදය ඊයේ (9) චීනයේAnhui පළාතේ Huangshan නගරයේ පැවැත්විණ.
ලෝක බැංකුවේ සභාපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරිය, ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ආර්ථික සහයෝගිතාහා සංවර්ධන සංවිධානයේ මහලේකම්වරයා සහ මූල්‍ය ස්ථාවරත්ව මණ්ඩලයේ සභාපතිවරයා ද එම සංවාදයට එක්වූහ.
විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ජාත්‍යන්තර ආර්ථික ආයතනයන්හි කාර්යභාරයට චීනය දැඩි ලෙස සහාය වන බව ලී කච්‍යං මහතා එහිදී පැවසීය. මේ වසරේ චීනයට රැකියා නියුක්තිය, භාණ්ඩ මිල සහ සමස්ත ආර්ථීකය ස්ථාවර කිරීමට හැකි වී තිබේ. නව කොරොනා වසංගතය මධ්‍යයේ එය පහසුවෙන් ලද ජයක් නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය. භාණ්ඩ ප්‍රවාහනය, කාර්මිකදාමය සහ සැපයුම්දාමය සහතික කිරීමටත් ජාත්‍යන්තර හුවමාරු සහ මිනිසුන් ප්‍රවාහනයට පහසුකම් සැපයීමටත්, චීනය අඛණ්ඩව කටයුතු කරයි. චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය නොසැලී ප්‍රවර්ධනය කරනු ඇති බව ද හෙතෙම කීය.
සහයෝගයෙන් ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය යුතු බව ජාත්‍යන්තර ආර්ථික සංවිධානවල ප්‍රධානීහු එහිදී අදහස් දැක්වූහ. චීනයේ ස්ථාවර රැකියා නියුක්තිය සහ භාණ්ඩ මිල මෙන්ම ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය ගැඹුරු කිරීම පිළිබඳව ද ඔවුහු එහිදී අගය කළහ.