පළමු චීන-අරාබි රාජ්‍ය නායක සමුළුව අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතාව පිළිබඳ ලෝක ආදර්ශයක්
2022-12-09 09:48:25
Share with:

චීන මහජන සමූහාණ්ඩුවේ මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල ප්‍රධාන මුලපිරීමක් ලෙස, පළමු චීන-අරාබි රාජ්‍ය නායක සමුළුව දෙපාර්ශ්වයේ සබඳතා නව ඉහළ මට්ටමකට රැගෙන එයි. අරාබි රාජ්‍ය  සංගමය වෙනත් රාජ්‍ය නායකයෙකු සමඟ සමුළුවක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. ලොව ප්‍රධාන රටක් ලෙස චීනයේ තත්ත්වයට අරාබි රටවල් සමපාත කරමින් චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පවතින වැදගත්කම සමුළුව පැවැත්වීම තුළින් මනාව පිළිබිඹු වන බව දේශපාලන විශේෂඥයන් පෙන්වා දී තිබේ. චීන-අරාබි සබඳතා පුළුල් ලෙස වැඩිදියුණු කිරීම ලෝකයට ද ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.

මෙම ඉහළ මට්ටමේ සමුළුවේ දී චීනය සහ අරාබි රටවල් විවිධ ක්ෂේත්‍රවල සමස්ත සංවර්ධන ඉලක්ක සහ දිගුකාලීන සහයෝගීතා පිළිබඳව සාකච්ඡා කර සැලසුම් සකස් කර තිබේ. චීන-අරාබි සබඳතාවල අංගසම්පූර්ණ දියුණුව,  අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත  සහයෝගිතාව පිළිබඳ ආකෘතියක් ලෝකයට සපයා ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ අදහසයි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම