චීන ජනාධිපතිවරයාගේ මැද පෙරදිග සංචාරය
2022-12-09 17:02:08
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සෞදි අරාබි නිල සංචාරය චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු ඔහු විසින් සිදු කරනු ලැබෙන ප්‍රථම මැද පෙරදිග කලාපයේ සංචාරයයි. සංචාරයට සමගාමීව රියාද් හි පැවැත්වෙන චීන-අරාබි රාජ්‍ය සමුළුව සහ චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිල සමුළු ද්විත්වයට ඉතා වැදගත්කමක් හිමි වේ. 

ෂී ජින්පිං මහතා රියාද් නුවරට පැමිණි පසුදිනම එම නිල සංචාරයේ විවිධ ක්‍රියාකාරකම් වලට එක්විය.

8 වනදා සෞදි අරාබි අග්‍රාමාත්‍ය, එරට ඔටුන්න හිමි  Muhammad bin Salman bin Abdel Aziz Al Saud කුමරු, සෞදි රජු වෙනුවෙන්, රියාද් රාජකීය මාලිගයේදී  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කළේය. එහිදී ඔවුන් සාකච්ඡා පවත්වා චීන- සෞදි අරාබි සබඳතා සංවර්ධන සැලසුම පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ. ඉන්පසු චීන ජනාධිපතිවරයාට King Saud විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධිය ප්‍රදානය කරනු ලැබීය. අනතුරුව චීන ජනාධිපතිවරයා සෞදි අරාබියේ Salman bin Abdul Aziz Al Saud රජු ද හමු විය.

ඊට අමතරව, 8 වනදා රියාද්හි අදාළ සමුළු දෙකකට සහභාගි වීමට පැමිණි ඊජිප්තුව, පලස්තීනය, සුඩානය සහ කුවේට් රාජ්‍ය නායකයන් සමඟ ද, චීන ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීය. මිත්‍රත්වය තහවුරු කර ගනිමින් නව සැලසුම් නිර්මාණය කිරීම අදාළ හමුවීම් වලින් මනාව පිළිබිඹු විය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම