චීන ජනපති සෞදි අරාබියට
2022-12-07 21:21:32
Share with:

චීන ජනපති සෞදි අරාබියට පැමිණෙයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(7)විශේෂ ගුවන් යානයකින් සෞදි අරාබියේ රියාද් අගනුවරට ළඟා විය.

සෞදි අරාබියේ Salman bin Abdul Aziz Al Saud රජු ගේ ආරාධනයකට අනුව, ෂී ජින්පිං මහතා රියාද්හි පැවැත්වෙන පළමු චීන-අරාබි රාජ්‍ය සමුළුවට සහ චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගිතා කවුන්සිල සමුළුවට සහභාගි වීමට නියමිතය.අනතුරුව චීන ජනාධිපතිවරයා සෞදි අරාබි රාජ්‍යයේ නිල සංචාරයක ද නිරත වනු ඇත.

රියාද් ගුවන් තොටුපළේ දී උණුසුම් පිළිගැනීමක් ලද ෂී ජින්පිං මහතා ලිඛිත දේශනයක් ඉදිරිපත් කරමින්, චීන රජය හා ජනතාව වෙනුවෙන් සෞදි අරාබි රජය හා ජනතාව වෙත අවංක සුබ පැතුම් පිරිනැමීය. 

චීනය සහ සෞදි අරාබිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගත වූ වසර 32 ක් තුළ, දෙරට උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු වීම නිසා විවිධ ක්ෂේත්‍රවලින් ඵලදායී ජයග්‍රහණ හිමි වී තිබේ. විශේෂයෙන් 2016 වසරේ, පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්ව සබඳතාව ස්ථාපිත කිරීමෙන් පසු Salman bin Abdul Aziz Al Saud රජු සමඟ චීන-සෞදි අරාබි සබඳතා මනා සංවර්ධනයක් සාක්ෂාත් කර ඇත.එම සබඳතා දෙරට ජනතාවට ප්‍රතිලාභ හිමි කරදෙන අතරම කලාපීය සාමය, ස්ථාවරත්වය, සමෘද්ධිය සහ සංවර්ධනය ද ඵලදායී ලෙස වර්ධනය කරන බව ද ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.

මෙම සංචාරයේ දී තමා පළමු චීන-අරාබි රාජ්‍ය සමුළුවට සහ චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගිතා කවුන්සිල සමුළුවට  සහභාගි වන බව ද ජනාධිපතිවරයා පවසා ඇත. එමෙන්ම අරාබි රටවල සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල නායකයන් සමඟ චීනය- සෞදි අරාබි  හා චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සබඳතා ප්‍රශස්ත මට්ටමකට ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා තම ලිඛිත දේශනයෙන් කියාසිටී. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම