ගෝලීය ගැටළු විසඳා ගත හැක්කේ පොදු වැඩපිළිවෙලක් මත ඉදිරියට යාමෙන් පමණයි
2022-12-02 10:59:24
Share with:

ගෝලීය සංවර්ධනයේ දී ලොව ප්‍රධාන ආර්ථිකයන්ට විශාල වගකීමක් මෙන්ම හැකියාවක් ද පවතී. පොදු අභිප්‍රායයන් පෙරදැරිව ඉදිරිය‍‍ට ගමන් කරන්නේ නම් වත්මන් අභියෝගාත්මක වකවාණුව සුමට ලෙස පසු කිරීමට හැකිවනු ඇතැයි විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය චන්දන කුමාර මහතා ගේ අදහස වී තිබේ. එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය සංවර්ධන යෝජනාව, ගෝලීය ආරක්ෂක යෝජනාව හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන යෝජනාව ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවීමෙන් පෙර සඳහන් කළ පොදු අභිප්‍රායන් සඵල කර ගැනීමට විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බව හෙතෙම කියා සිටී. ලෝකයේ සැබෑ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කිරීමට එම යෝජනා ඉවහල් වනු ඇත. බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනගා ගෝලීයකරණය වර්ධනය කිරීමෙන් තොරව වත්මන් ලෝකයට ඉදිරියට යා ‍නොහැක. ‍දශක ගණනාවක් පුරා ගෝලීයකරණය මූලික කරගත් ආර්ථික රටාවක් ලොව පුරා ගොඩනැගී තිබීම ඊට හේතුවයි. මෙම සත්‍ය වටහා ගනිමින් පොදු වැඩපිළිවෙලක් මත ඉදිරියට යාමෙන් පමණක් ගෝලීය ගැටළු විසඳා ගත හැකි යැයි ද හෙතෙම ‍වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම