දේශපාලන ක්‍රමයෙන් යුක්රේන අර්බුදය විසඳීම, යුරෝපයේ අවශ්‍යතා සහ ආසියා-යුරෝපා රටවල පොදු අවශ්‍යතාවන්‍‍ට මැනවින් ගැලපෙන බව, චීන ජනාධිපතිවරයා පවසයි.
2022-12-01 16:04:47
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(1) බෙයිජිං හිදි යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා හමු විය.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ.

ෂී ජින් පිං මහතා එහිදී සදහන් කළේ, දේශපාලන ක්‍රමයෙන් යුක්රේන අර්බුදය විසඳීම, යුරෝපයේ අවශ්‍යතා සහ ආසියා-යුරෝපා රටවල් පොදු අවශ්‍යතාවන්ට මැනවින් ගැලපෙන බවයි.

යුරෝපා සංගමයේ යහපත් මැදිහත්වීම වැඩි කිරීමට මෙන්ම, සමබර, ඵලදායී හා තිරසර යුරෝපා ආරක්ෂක පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට ද, චීනය සහාය දෙයි.

චීනය සැමවිටම සාමය දෙස සිටින අතර, උපරිමයෙන් ඊ‍ට දායක වනු ඇතැයි ද , ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම