ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සම්පාදනය කරන පනත් කෙටුම්පත කඩිනම් කරන ලෙසට ජනපති ගෙන් උපදෙස්
2022-11-18 15:30:42
Share with:

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සම්පාදනය කරන පනත් කෙටුම්පත ලබන වසරේ පළමු මාස හය තුළ අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට උපදෙස්  ලබා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ කටයුතුවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

 මේ වන විට කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එක්ව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සම්පාදනය කරන මෙම පනත් කෙටුම්පතේ මූලික කටයුතු අරඹා ඇති බව  එම සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහිදී සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම