බොස්නියා සහ හර්සගෙවිනා රාජ්‍යයේ ජනාධිපති මණ්ඩලයේ නව සාමාජිකයන්ට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-11-17 18:50:14
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, බොස්නියා සහ හර්සගෙවිනා රාජ්‍යයේ ජනාධිපති මණ්ඩලයේ සාමාජිකත්වයට අලුතෙන් පත්වූ Zeljka Cvijanovic මහත්මිය,  Croat Zeljko Komsic මහතා සහ Denis Becirovic මහතා වෙත සුබපැතුම් පිරිනමයි.

 මෑත වසරවල චීනය හා බොස්නියා සහ හර්සගෙවිනා රාජ්‍යය අතර සම්බන්ධතාව විධිමත් හා ස්ථිර ලෙස වර්ධනය විය. ශක්තිමත් දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසයෙන් බැඳී ඇති දෙරට, විවිධ ප්‍රායෝගික සහයෝගතා ක්ෂේත්‍රවල, කැපී‍ පෙනෙන ජයග්‍රහණ දිනා ගෙන ඇතැයි ෂී ජින්පිං මහතා ගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.  බොස්නියා හා හර්සගෙවිනා රාජ්‍යය සමග සම්බන්ධතාවය වැදගත් කොට සලකන තමා  ජනාධිපති මණ්ඩලය සමග එක්ව සාම්ප්‍රදායික මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය වාසී සහයෝගතා ඉදිරියට ගෙන යාමට කැමති බව ඔහු පැවසීය. එසේම චීන බොස්නියා සහ හර්සගෙවිනා සම්බන්ධතාවය වඩාත් ඉහල තලයකට නංවමින් දෙරටටත් දෙරටේ ජනතාවටත් සුබ සෙත නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම