දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයෙන් යුරියා පොහොර
2022-11-16 17:19:37
Share with:

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට නොමිලයේ යුරියා පොහොර ලබා දීමට එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය පියවර ගනී.

ඒ යටතේ යූරියා මෙට්‍රික් ටොන් 780ක් එම සංවිධානය විසින් කෘෂිකර්ම අමාත්‍යංශයට භාරදී තිබේ.

යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට මෙම පොහොර නොමිලේ බෙදා දීමට නියමිතය.

ඒ අනුව එක් ගොවි පවුලකට යුරියා කිලෝ ග්‍රෑම් 50ක් බැගින් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම