චීනයේ අඛණ්ඩ නවීකරණය ලොවට වැඩි අවස්ථා ලබාදෙනු ඇතැයි චීන ජනපති කියයි
2022-11-15 15:34:00
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය, ඉදිරි වසර පහකට වැඩි කාලයේ පක්ෂයේ හා රටේ සංවර්ධන ඉලක්ක හා ප්‍රධාන ප්‍රතිපත්ති සැලසුම් කර ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

ඔහු එසේ පැවසුවේ අද (15) පෙරවරුවේ බාලී දූපතේ පැවති ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17 වැනි සමුළුවේ පළමු අදියර රැස්වීමට එක් වෙමිනි.

සාමකාමී හා සංවර්ධන මාවතේ ගමන් කිරීම, ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පුළුල් කිරීම, චීන අනන්‍යතාවයෙන් යුතු නවීකරණයෙන් තම ජාතියේ පුනර්ජීවනය ප්‍රවර්ධනයට චීනය නොසැලී උරදෙනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම, චීනයේ අඛණ්ඩ නවීකරණය  ලෝකයට වඩා අවස්ථා ලබාදෙනු ඇති බව ද ෂී ජින්පිං මහතා පැවසීය.

 


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම