ඉහළ සහයෝගතාවකින් යුතුව ගෝලීය සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනපති කියයි
2022-11-15 14:28:59
Share with:

  ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුවේ පළමු අදියරේ රැස්වීම පැවැත්වෙයි. එය අද(15) පෙරවරුවේ බාලී දූපතේදී පැවැත්විණ.

 චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී දේශනයක් පැවැත්වීය. ඉහළ සහයෝගතාවකින් යුතුව ‍ගෝලීය සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පෙන්වා දෙයි. විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම සඳහා විවිධ රටවල් එකිනෙකාට ගරු කරමින්, සමානකම් හඳුනාගෙන අසමානකම් හා මතභේද නිසි ලෙස පාලනය කර,  සාමකාමී සහපැවැත්මෙන් එකිනෙකා ‍ ඇසුරු කළ යුතු බව ද ජනාධිපතිවරයා කියාසිටී.

නවීකරණය රටවල් කිහිපයකට සීමා වූ වරප්‍රසාදයක් නොවේ.ලොව ප්‍රමුඛපෙළේ රටවල්, සෙසු රටවලට අවංකවම සහාය විය යුතු අතර,  වැඩි වශයෙන් ගෝලීය පොදු නිෂ්පාදන සපයා දිය යුතු ය.

තමා 2021 වසරේ ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුමේ අරමුණ වන්නේ, ලෝක විවිධ රටවල පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම බව ද ෂී ජින්පිං මහතා  අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම