චීන ඇමරිකා සම්බන්ධතාවයේ උපායමාර්ගික ප්‍රශ්න සහ වැදගත් කලාපීය හා ජගත් ප්‍රශ්න පිළිබඳව චීන ජනපති හා ඇමරිකානු ජනපති අදහස් හුවමාරු කර ගනිති
2022-11-14 23:25:27
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ද්වීපාර්ශ්වික සම්බන්ධතාවයේ උපායමාර්ගික ප්‍රශ්න සහ වැදගත් කලාපීය හා ජගත් ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කර ගනිති. දෙපාර්ශ්වයේ හමුව අද(14) ඉන්දුනීසියාවේ බාලී දූපතේ පැවැත්විණ.

ඇමරිකාවේ අභ්‍යන්තර කටයුතුවලට කිසිදා හෝ මැදිහත් නොවූ චීනය, ඇමරිකාවට අභියෝග කිරීමට හෝ එරටට ආදේශ වීමට හෝ තැත් නොකරන බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. දෙරට අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සහපැවැත්ම, පොදු ජය පිළිබඳ සංකල්පයෙහි එල්බ සිටිය යුතුය. 

තායිවාන ප්‍රශ්නය, චීනයේ මුඛ්‍ය ප්‍රතිලාභයන්හී කේන්ද්‍රය මෙන්, චීන ඇමරිකා සම්බන්ධතාවයේ දේශපාලන පදනමේ ද පදනමය. ‘තායිවාන බෙදුම්වාදීන්ට’ අනුබල නොදෙන බවටත් තායිවාන ප්‍රශ්නය ප්‍රයෝජනයට ගනිමින් චීනය මර්දනය කිරීමට තැත් නොකරන බවටත් බයිඩන් ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර ඇත. ඇමරිකානු පාර්ශ්වයට එම ප්‍රකාශය ක්‍රියාවට නැංවිය හැකි යැයි අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා පවසයි.

ඇමරිකාව, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරනවා සේ, චීනය චීන ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරයි. කෙසේ වුවද ඒවා එම රටවල ස්වයං තත්ත්වයන්ට ගැලපේ. ඇමරිකාවේ ක්‍රියාත්මක කෙරෙන්නේ ධනවාදයය. චීනයේ ක්‍රියාත්මක කෙරෙන්නේ සමාජවාදයය. දෙරටේ සංවර්ධනය  එබඳු වෙනස් මාර්ග දෙකින් හැඩ ගැසී ඇත. ‍එම වෙනස, අද ඊයේ මතුවන්නක් නොවන අතර ඉදිරියේදීත් තිරසර ලෙස පවතිනු ඇත. එබැවින් චීනය හා ඇමරිකාව එකිනෙකා සමග ඇසුරු කිරීමේ වැදගත් මූලධර්මය වන්නේ, එම වෙනස පිළි ගෙන ඊට ගරු කිරීමයි. ඇමරිකානු පාර්ශ්වය තමා දුන් පොරොන්දුවලට අනුව ක්‍රියා කළ යුතු වන අතර, පැවසූ ආකාරයෙන් පරි බාහිරව වැඩ කිරීමේ ක්‍රියාකලාපය අත්හැරිය යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

තරගය සෑමවිටම පැවතිය ද දෙරට එකිනෙකාගෙන් අධ්‍යයනය කරමින් පොදුවේ දියුණු කර ගැනීමට උත්සාහ දැරිය යුතුය. තමා ජය ගැනීමට වෑයම් දරමින් අන් අය අනිවාර්යයෙන් පරාජයට පත් කිරීම හෝ, අනුන්ගේ පැවැත්මට ඉඩක්  නොදීම, අනුගමනය නොකළ යුතු යැයි ද ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.

ස්ථාවර හා සංවර්ධනය වෙමින් පවතින චීනය, ඇමරිකාවේ හා ලෝකයේ ප්‍රතිලාභයට ගැලපෙන බව තමා යළි අවධාරණය කිරීමට කැමති යැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා එහිදී කියා සිටියේය.  ඇමරිකාව චීනයේ දේශපාලන පද්ධතියට ගරු කරමින්, එම පද්ධතිය වෙනස් කිරීමට වෑයම් නොදරයි. එමෙන්ම තම රට නව සීතල යුද්ධය හෝ, සන්ධාන සම්බන්ධතාවය ශක්තිමත් කිරීමෙන් චීනයට විරුද්ධ වීම හඹා නොයයි. ‘තායිවාන ස්වාධීනත්වයට’ අනුබල නොදෙන ඇමරිකාව,  ‘චීන දෙකක්’ හෝ ‘චීනයක් හා තායිවානයක්’යන තත්ත්වයන්ට ද සහාය නොදක්වන බව ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. චීනය සමග ගැටළු ඇතිකර ගැනීමට අපේක්ෂා නොකරන ඇමරිකාව, චීන ආර්ථික වර්ධනයට බාධා කිරීමටත්, චීනය වට කොට සීමා පැනවීමටත් කැමැත්තක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

චීන ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායම් අතර උපායමාර්ගික හුවමාරු පවත්වමින් නිත්‍ය වශයෙන් සාකච්ඡා පැවැත්වීමට එහිදී චීන ඇමරිකානු ජනාධිපතිවරු ඒකමතිකව කැමැත්ත පළ කළහ. මෙවර හමුව ගැඹුරු, අවංක හා සංවර්ධනාත්මක එකක් බවට අදහස් කරන නායක දෙපළ, නිත්‍ය අදහස් හුවමාරු අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද එකඟ වී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම