චීන අගමැතිවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව අතර හමුවක්
2022-11-13 17:35:45
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ‍‍‍‍ජියොජීවා මහත්මිය හමුවෙයි. නැගෙනහිර ආසියා සහයෝගතා නායක රැස්වීමට සමගාමීව එම හමුව කාම්බෝජයේ නොම්පෙන් නුවර දී සිදුවිය. ගෝලීය ආර්ථීකය හා මූල්‍ය අංශය ඉතා දැඩිව සම්බන්ධවී ඇති බැවින් බහුවිධ අ‍භියෝගයන්ට තනිව මුහුණදීමට කිසිඳු රටකට හැකියාවක් නොමැති බව චීන අගමැතිවරයා එහිදී පැවසීය.ලොව රටවල් සහයෝගතා ශක්තිමත් කරමින් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධීකරණ ඉහළ නැංවිය යුතුය.

ලෝක ආර්ථිකයේ ස්ථායීතාවය පවත්වා ගැනීමට සහ අවපාතය වැලැක්වීමට මෙන්ම ලෝක සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ද මෙය ඉවහල් වන බව හෙතෙම සඳහන් කළේ ය.

චීනයේ ආර්ථික තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය දැනුවත් කළ චීන අගමැතිවරයා , 2020 හි හදිසි වසංගත බලපෑම හමුවේ, මධ්‍යස්ථ හා සමබර ආකාරයකින් තීරණාත්මක ප්‍රතිචාරයක් ලෙස චීනය සිය සාර්ව ආර්ථික නියාමනය තුළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළේ ය.

ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම,පූර්ණ අන්දමින් ක්‍රියාත්මක කිරීම සහ වර්ධනීය දිශාව වෙත ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා චීනය අඛණ්ඩව ප්‍රතිපත්ති පැකේජ ක්‍රියාමාර්ග පූර්ණ අයුරෙන් ක්‍රියාවට නංවන බව ද හෙතෙම පැවසීය.

ගෝලීය ආර්ථිකය මුහුණ දෙන සංකීර්ණ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ස්වෛරී ණය සම්බන්ධීකරණය සඳහා වූ ජාත්‍යන්තර යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම සඳහා ජාමූඅ තවදුරටත් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරනු ඇතැයි ලී සිය බලාපොරොත්තුව පළ කළේය.

ලෝක ආර්ථිකය නව අභියෝග සහ අවිනිශ්චිතතා ගණනාවකට මුහුණ දී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරයා එහිදී  සඳහන් කළාය. වසංගතයේ ආර්ථික බලපෑමට ප්‍රතිචාර දැක්වීමේදී චීනය නිවැරදි ප්‍රතිපත්ති  ක්‍රියත්මක කර ඇති බවද ඇය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම