ආසියාන් සංවිධානයේ 40වැනි හා 41වැනි මුදුන් සමුළු හා ඊට අනුබද්ධ රැස්වීම් අවසන්
2022-11-13 19:49:33
Share with:

ආසියාන් සංවිධානයේ 40වැනි හා 41වැනි මුදුන් සමුළු හා ඊට අනුබද්ධ රැස්වීම් නිමාවට පත් වේ.

ආසියාන් සංවිධානයේ 40වැනි හා 41වැනි මුදුන් සමුළු හා ඊට අනුබද්ධ රැස්වීම් කාම්බෝජයේ නොන් පෙම් නුවරදී අද (13) අවසන් විය. කොවිඩ් වසංගත පශ්චාත් ආර්ථික ප්‍රකෘතිය සාක්ෂාත් කිරීම සඳහා සාමාජික රටවල සාමූහික උත්සාහයන් හා සමගිය අවශ්‍ය බව එම සමුළු හා රැස්වීම් පැවති කාලයේ අවධාරණය කෙරිණ. 2025 වසරෙන් පසු ආසියාන් රටවල් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණ හා සන්නිවේදන ක්‍රියාත්මක කිරීම සහ ආසියාන් සංවිධානය ස්ථාපිත කිරීමේ 55වැනි සංවත්සරය පිළිබඳ නිවේදන 2ක් එහිදී ප්‍රකාශයට පත් කෙරිණ.එමෙන් ම නැගෙනහිර ටිමෝරය ආසියාන් සංවිධානයේ 11වැනි සාමාජික රට වශයෙන් පිළිගැනීමට එම සංවිධානයේ සාමාජික රටවල් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළ කර තිබේ.

සහයෝගිතා ශක්තිමත් කිරීම සඳහා චීනය, ඇමරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව හා යුරෝපා සංගමය සමග ආසියාන් සංවිධානය වෙන් වෙන් වෙන්ව රැස්වීම් ද පැවැත්වීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම