චීන-වියට්නාම‍ අග්‍රාමාත්‍යවරුන් අතර හමුවක්
2022-11-12 19:21:51
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා වියට්නාම‍ අග්‍රාමාත්‍ය Phạm Minh Chính මහතා හමුවෙයි. එම හමුව කාම්බෝජයේ Phnom Penh අගනුවර දී ඊයේ(11) පැවැත්විණ.

වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් Nguyễn Phú Trọng මහතා නොබෝ කලකට පෙර චීනයේ නිල සංචාරයක නිරත  වූ අවස්ථාවේ, දෙපාර්ශ්වය වැදගත් එකඟතාවන්ට පැමිණි බව, Li Keqiang මහතා පැවසීය.

වියට්නාමය සමඟ, මෙම එකඟතාව මැනවින් පවත්වා ගනිමින් දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට, යටිතල පහසුකම් ඉදිකිරීම් යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ගැඹුරු කිරීමට මෙන්ම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රහණය ලබාගැනීමට, චීනය කැමැත්තෙන් සිටින බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.

වියට්නාමය සමඟ පවතින සහයෝගිතා ඔස්සේ, "දකුණු චීන මුහුදේ චර්යාධර්ම සංග්‍රහයේ" උපදේශන කල්තියා සම්පූර්ණ කිරීම මෙන්ම, දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය ඒකාබද්ධව ආරක්ෂා කිරීම ද, චීනයේ අපේක්ෂාව බව ද, Li Keqiang මහතා අවධාරණය කළේ ය.

වියට්නාමය සැමවිටම චීනය සමඟ සබඳතා වර්ධනය කිරීම විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛතාව ලෙස සලකන බව, Phạm Minh Chính මහතා සඳහන් කළේ ය.

ජාත්‍යන්තර තලයේ විශාල කාර්යභාරයක් ඉටුකිරීම සඳහා වියට්නාමය චීනයට සහාය දක්වන අතර, දෙරටේ කොමියුනිස්ට් පක්ෂ සබඳතා මෙන්ම ද්විපාර්ශ්වික සහයෝගිතා තවදුරටත් සංවර්ධනයට වියට්නාමය කැමැත්තෙන් සිටින බව, Phạm Minh Chính මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම