Tianzhou-5 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක්වෙයි
2022-11-12 19:16:10
Share with:

චීනයේ භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය වන Tianzhou-5, අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය සැපයුම් ලබාදෙමින්, එහි තත්ත්ව සැකසුම සාර්ථකව නිම කර,  අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක්වෙයි. චීනයේ  මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය මේ බව නිවේදනය කර ඇත.

12 වැනිදා බෙයිජිං වේලාවෙන් දහවල් 12:10 ට, Tianzhou-5 යානය, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Tianhe  මූලික මොඩියුලය පසුපසින්  ස්වයංක්‍රීය ලෙස සම්බන්ධ වී තිබේ.භාණ්ඩ ප්‍රවාහන යානයක් තම රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පැමිණීම චීන ගගනගාමීන් අත්දුටු ප්‍රථම අවස්ථාව මෙයයි.මෙම මෙහෙයුම සඳහා පැය දෙකක් පමණ ගතවිය. මෙය චීනයේ අභ්‍යවකාශ යානා එකිනෙක සම්බන්ධවීම, යානා අංගණ මට්ටම වැඩිදියුණු කිරීම සහ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා හදිසි සැපයුම් ධාරිතාව නැංවීම පිළිබඳ වැදගත් අවස්ථාවකි.   Tianzhou-5 යානය රැගත් Long March-7 Y6 රොකට්ටුව අද (12) පෙරවරු 10:03 ට හයිනාන් පළාතේ වෙන්චැන්ග් අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නිකුත් කෙරිණ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම