චීන - ආසියාන් සංගම් මිත්‍රශීලි සහයෝගයට පැසසුම්
2022-11-12 17:31:21
Share with:

චීන - ආසියාන් සංගම් මිත්‍රශීලි සහයෝගය ක්‍රමයෙන් පුළුල් වන බවට චීන අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

කාම්බෝජයේ නොම් පෙන් අගනුවරදී ඊයේ(11) පැවති, චීනය හා ආසියාන් සංගමය අතර 25 වැනි නායක සමුළුවට එක්වෙමින් චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා මේ බව පැවසීය.

චීනය, අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික කටයුතු අතර ප්‍රමුඛ දිශාව ලෙස ආසියාන් සංගමය සලකන බව අග්‍රාමාත්‍යවරයා එහිදී කියාසිටියේය. ඉකුත් දශකයේ චීන- ආසියාන් සංගම් නායක සමුළුවේදී ඉදිරිපත් කර ඇති සහයෝගිතා ගිවිසුම් 160 කට වැඩි සංඛ්‍යාවකින් 99.5 %ක් ක්‍රියාවට නංවා තිබීම විශේෂත්වයකි. නැගෙනහිර ආසියානු සහයෝගිතාව තුළ ආසියාන් සංගමය දරන කේන්ද්‍රීය ස්ථානයට ශක්තිය දෙන චීනය, මිත්‍රශීලි සහයෝගය ක්‍රමයෙන් පුළුල් කරන බව ද ලී ක ච්‍යං මහතා අවධාරණය කළේය.

ආසියාන් සංගමයේ සාමාජික රටවල නායකයන් එහිදී ප්‍රකාශ කළේ, එම සංගමය සහ චීනය අතර පවතින්නේ අදාළ හවුල්කාරී සබඳතා අතරින් ජවසම්පන්නම සබඳතාව වන අතර, එය කලාපීය සහයෝගිතා ආදර්ශයක් ලෙස ගත හැකි බවයි. චීනය සමග සහයෝගිතා විභවය තවදුරටත් වර්ධනය කිරීම ආසියාන් සංගමයේ අපේක්ෂාවයි.

‘දකුණු චීන මුහුද පිළිබඳ ආචාර ධර්ම ප්‍රකාශනය’ අත්සන් තැබීමේ 20වැනි සංවත්සර අනුස්මරණ ඒකාබද්ධ ප්‍රකාශය ඇතුළු ලේඛන රැසක් මෙම සමුළුවේදී සම්මත කෙරිණ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම