අධි සුඛෝපභෝගී මහල් නිවාස මිල දී ගන්නා විදේශිකයන්ට දීර්ඝකාලීන වීසා බලපත්‍
2022-11-11 18:30:33
Share with:

අධි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන් සඳහා දීර්ඝකාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන  ඇරඹේ.

එය ඊයේ (10) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

වර්තමානයේ මෙරට වඩාත් වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති හඳුන්වා දිය හැකිය. මෙම නිවාස මිලදී ගන්නා පුද්ගලයන් කලක සිට රජයෙන් කළ ඉල්ලීමකට අනුව,  දීර්ඝකාලීන වීසා බලපත් ලබාදීම සඳහා ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ. එම නිවාස ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන්නන් හා නිවාස මිලදී ගන්නා විදේශිකයන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම