චීන- සිංගප්පූරු අග්‍රාමාත්‍යවරුන් අතර හමුවක්
2022-11-11 20:51:03
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Loong මහතා හමුවෙයි. එම හමුව කාම්බෝජයේ Phnom Penh අගනුවර දී අද(11) පැවැත්විණ.

චීන-සිංගප්පූරු සහයෝගිතාව තවදුරටත් පුළුල් වෙමින් පවතින අතර, ඵලදායී ජයග්‍රහණ ද ලබා ඇතැයි, Li Keqiang මහතා සඳහන් කළේ ය. සිංගප්පූරුව චීනයට විදේශ ප්‍රාග්ධනය සපයන වැදගත් මූලාශ්‍රයකි.

දෙපාර්ශ්වය හැකි ඉක්මණින් නිදහස් වෙළඳ ගිවිසුමේ පසු විපරම් සාකච්ඡාවලට එළඹීමට බලාපොරොත්තු වන බවත්, ද්විපාර්ශ්වික සහයෝගිතාව සඳහා ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘති ස්ථාපිත කරන බවත්, චීන අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ ය.

නව තත්වයන්ට මුහුණ දීමේ දී, චීන පාර්ශ්වය සමඟ එක්ව, දෙරට අතර සහයෝගිතා වේදිකාව මනාව භාවිත කිරීම, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව පුළුල් කිරීම මෙන්ම, කලාපීය හා ලෝක ස්ථාවරත්වය සහ සංවර්ධනය නැංවීම සිංගප්පූරුවේ අපේක්ෂාව බව,  Lee Hsien Loong මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම