චීන ජනපති නුදුරේ දී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගි වෙයි
2022-11-11 16:35:39
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ලබන 14 – 17 වැනිදා දක්වා, ඉන්දුනීසියාවේ Bali දූපතේ පැවැත්වෙන 17 වැනි G20 නායක සමුළුවට සහභාගි වේ. අනතුරුව,17 – 19 වැනිදා දක්වා, තායිලන්තයේ Bangkok හි පැවැත්වෙන 29 වැනි APEC නිල නොවන නායක සමුළුවට එක්වන ජනාධිපතිවරයා, තායිලන්තයේ නිල සංචාරයක ද නිරත වනු ඇත. චීන විදේශ අමාත්‍යංශය මේ බව දැනුම්දෙයි.

එම සමුළුවල දී, ෂී ජින් පිං මහතා, ලැබී ඇති ඇරයුම් අනුව, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, ඇමරිකානු ජනාධිපති Joe Biden, සෙනගල් ජනාධිපති Macky Sall සහ ආර්ජන්ටිනා ජනාධිපති Alberto Fernández යන මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන බව ද, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම