ගෝලීය ජනගහණය බිලියන 8 ඉක්මවයි
2022-11-11 11:05:04
Share with:

ගෝලීය ජනගහණය බිලියන 8 ඉක්මවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාව අනාවැකි පළ කරයි.

එක්සත් ජාතීන්ගේ“ලෝක ජනගහන ඉදිරි දැක්ම 2022” වාර්තාවට අනුව, ලබන 15වැනිදා වනවිට ගෝලීය ජනගහණය බිලියන 8  ඉක්මවා යනු ඇත.

වසර 2030 වන විට ලෝක ජනගහණය බිලියන 8.5 දක්වා වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. එය 2050 වන විට බිලියන 9.7 දක්වා ළඟා වනු ඇත. එය 2080 ගණන්වලදී බිලියන 10.4 දක්වා ඉහළ යනු ඇති අතර, 2100 වසර දක්වා එම මට්ටමේ පවතිනු ඇත.

වසර 2050 වන විට ලෝකයේ නව ජනගහණයෙන් අඩකට අධික ප්‍රමාණයක් රටවල් අටකට සංකේන්ද්‍රණය වනු ඇතැයි ද අපේක්ෂිතයි. කොංගෝ (DRC), ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, නයිජීරියාව, පාකිස්ථානය, පිලිපීනය සහ ටැන්සානියාව එම රටවල් අටයි. ඉන්දියාව 2023 වසර තරම් නුදුරේ දීම ලොව ජනාකීර්ණම රට බවට පත් වනු ඇති අතර, 2050 වන විට එහි ජනගහණය බිලියන 1.7 දක්වා ළඟා වනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ.

ජනගහණ වර්ධනය, විශාල පරිමාණයේ ආර්ථිකයන් බිහිකිරීම, ශ්‍රම බෙදීම සහ තාක්ෂණික ප්‍රගතිය ප්‍රවර්ධනය සඳහා හිතකර වන අතර, ආර්ථික සංවර්ධනයේ දී ද ධනාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම