මානව ශිෂ්ටාචාරයේ සියලු විශිෂ්ට ජයග්‍රහණවලින් ඉගෙන ගැනීමට චීනය සූදානම් බව චීන අගමැති පවසයි
2022-11-11 11:27:47
Share with:

චීන අගමැති ලී කච්‍යන් මහතා, කාම්බෝජයේ Angkor හි Ta Keo විහාරයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය භාරදීමේ උත්සවයට එක්වෙයි.  අගමැතිවරයා ඊයේ (10) පැවති මෙම උළෙලට  සහභාගි වූයේ, Siem Reap හි පැවති චීන-කාම්බෝජ සංස්කෘතික උරුම සහයෝගිතාවයේ 30 වසරක ජයග්‍රහණ  ප්‍රදර්ශනය නැරඹීමට යන අතරතුර දී ය.

Ta Keo සිද්ධස්ථාන ව්‍යාපෘතිය, යුනෙස්කෝවේ Angkor ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග රාමුව යටතේ, චීන රජය ක්‍රියාත්මක කරන දෙවන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය බව ලී කච්‍යන් මහතා මෙහිදී පැවසීය.

විවෘතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුගත වන චීනය, මානව ශිෂ්ටාචාරයේ සියලු විශිෂ්ට ජයග්‍රහණවලින් ඉගෙන ගැනීමටත්, විවිධ ජාත්‍යන්තර සහයෝගිතා ඇතිකිරීමටත්, ලෝක සාමය හා සංවර්ධනයට දායක වීමටත් සූදානම් බව හෙතෙම පෙන්වා දුන්නේය.

තම රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය සහ ජාතික සංස්කෘතියේ උරුමය සඳහා චීනයේ සහය කාම්බෝජය අගය කරන බව එරට අග්‍රාමාත්‍ය Hun Sen මහතාගේ විශේෂ නියෝජිත, උප අග්‍රාමාත්‍ය Chea Sophara මහතා එහිදී සඳහන් කළේය. චීනය සමඟ සාම්ප්‍රදායික මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සම්බන්ධතාව ප්‍රවර්ධනයට කැමැත්තෙන් සිටින බව ද ඔහු කියාසිටියේය.



ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම