‘විවෘතභාවය චීනයේ ඉදිරි ගමනට ප්‍රබල ශක්තියක් සපයනු ඇත’ - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත
2022-11-11 13:10:32
Share with:

චීනය සෑමවිටම තමන්ගේ අනන්‍යතාවට ගැලපෙන සංවර්ධන මාවතක් ඔස්සේ සාර්ථකත්වය සාක්ෂාත් කළ රාජ්‍යයක් බව චීන -ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම්  ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා කියාසිටී.

වසංගත බලපෑම් අඛණ්ඩව පවතිද්දීත්,  5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අතිසාර්ථකව පැවැත්වීමට චීනය සමත් වී තිබේ. තමන් නිරත සංවර්ධන චාරිකාව හා එහි අරමුණුවලින් චීනය කිසිවිටෙකත් බැහැර නොවීම මෙයින් මනාව ප්‍රකට වෙයි. ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක් වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විවෘත හා සමෘද්ධිමත් අනාගතයක් සමස්ත ලෝක ජනතාව වෙනුවෙන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව එහිදී යළි අවධාරණය කළේය. මෙය ඔහු විසින් මීට පෙර ඉදිරිපත් කෙරුණු ගෝලීය සංවර්ධන මුලපිරුමේ මූලික හරය වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

නවයුගයක් උදෙසා චීනය නිරත ගමනේ දී විවෘතභාවය පවත්වා ගැනීම මූලික ජාතික ප්‍රතිපත්තියක් බවට පත්ව ඇත. ඉකුත් දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ දී ද මේ බව තහවුරු කෙරිණ. චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය පැවසුවේ, වඩා විවෘත සහ ස්ථාවර වෙළඳ ප්‍රතිපත්තියක ප්‍රතිලාභ චීනය තුළින් මනාව අවබෝධ කර ගත හැකි බව යි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ගෝලීය ප්‍රවණතාවන්ට ප්‍රතිචාර දක්වමින් චීනය යුගයට ගැලපෙන සංවර්ධන මාවත හෙළිකරගෙන ඇති ආකාරයයි. එසේම, චීනයේ නව සංවර්ධනය මගින් ලෝකයට නව අවස්ථා සැපයෙනු ඇත.

සමාජවාදී නවීකරණය ඔස්සේ තම දෙවන සියවස් ඉලක්කයන්හි දිශානතිය මනාව දැක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ සාර්ථකත්වයට මෙන්ම මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට පත් වූ ජනාධිපති ෂී ජින්පිං මහතාට හෘදයංගම සුබ පැතුම් පිරිනමන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා පවසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම