දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා චීනය දරන ප්‍රයත්නයන්ට පැසසුම්
2022-11-11 11:10:33
Share with:

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 27 වැනි සම්මන්ත්‍රණය හා  සම්බන්ධ චීනයේ දේශගුණික සමුළුව පැවැත්වෙයි.  ‘දේශගුණික විපර්යාස අනුවර්තන උපායමාර්ග සහ ක්‍රියාකාරකම්’ යන තේමාවෙන් යුතුව ඊයේ (10) පැවති එම සමුළුවට එක් වූ චීන දේශගුණික විපර්යාස සාකච්ඡා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි සහ චීන ජෛව පරිසර උප ඇමති Zhao Yingmin මහතා එහි දී  දේශනයක් පැවැත්වීය.

දේශගුණික විපර්යාස සඳහා දේශීය අනුවර්තනය ප්‍රවර්ධනය කරන චීනය, ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ද සක්‍රිය ව පවත්වා ගනිමින් සිටී. එහිදී චීනය ඇතැම් ඌන සංවර්ධිත රටවලට ආධාර සහ සහාය ලබා දුන් බව ද Zhao Yingmin මහතා පැවසීය. සංවර්ධනය වෙමින් පවතින රටවලට වසරකට ඩොලර් බිලියන 100ක දේශගුණික මූල්‍ය ආධාර සැපයීමට සංවර්ධිත රටවල් විසින් දෙන ලද ප්‍රතිඥා තවමත් ඉටු වී නොමැත. සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණ අනුවර්තන ක්‍රියාමාර්ග පිළිබඳ වගකීම් සහ බැඳීම් අවංකව ඉටුකරන ලෙසත්, මූල්‍ය ආධාර වැඩි කරන ලෙසත් චීනය සංවර්ධිත රටවලින් ඉල්ලා සිටින බව Zhao Yingmin මහතා පැවසීය.

මෙම සමුළුවට සහභාගි වූ බොහෝ විදෙස් ප්‍රවීණයෝ දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා චීනය ගන්නා උත්සාහයන් සහ ක්‍රියාකාරකම් පිළිබඳව ඉහළ ප්‍රසාදය පළ කළහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම