ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය බැහැර කිරීමේ සැලැස්ම පරීක්ෂාවට
2022-11-10 09:41:55
Share with:

ෆුකුෂිමා දයිචි න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය බැහැර කිරීමේ සැලැස්ම පරීක්ෂාවට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය පියවර ගනී. එම පරීක්ෂාව ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාවට නැංවෙයි.

ලබන 14 වැනිදා සිට 18 වැනිදා දක්වා, එම සැලැස්මේ තාක්ෂණ කටයුතු ඇතුළු ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න පරීක්ෂාවට ලක්කිරීමට නියමිතය. අදාල පරීක්ෂණ කණ්ඩායම ටෝකියෝ හි ජපාන නිලධාරීන් හමුවී දූෂිත ජලය බැහැර කිරීමේ පහසුකම් ඉදිකිරීම පරීක්ෂා කරනු ඇත.

ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ විශේෂඥයන් එම බලාගාර‍ය අසල මුහුදු ජලය, සාගර අවසාදිත සහ මත්ස්‍ය සාම්පල පර්යේෂණය කරමින් සිටින බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම