ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් පසුගාමී වන ලකුණු
2022-11-10 15:23:45
Share with:

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් පසුබසිනු ඇති බව බ්‍රිතාන්‍ය හා ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාවේ 2022 වසරේ මධ්‍ය කාලීන මැතිවරණයට ඉදිරිපත්වූ බොහෝ අපේක්ෂකයෝ පෙර ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කළහ. මෙවැනි තත්ත්වයක් එරට ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් පිරිහීමට හේතුවිය හැකි බව එම මාධ්‍ය වාර්තා  කර තිබේ.

බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පත පසුගිය දා ලිපියක් පළ කරමින් පැවසුවේ මෙවර ඇමරිකානු මධ්‍ය කාලීන මැතිවරණයට එක්ව සිටින අපේක්ෂකයන් සිය ගණනක් 2020 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයේ දී මැතිවරණ වංචා සම්බන්ධ ප්‍රකාශයට අනුබල ලබා දුන් පිරිසක් බවයි. ‘කොංග්‍රස් මන්දිර ප්‍රචණ්ඩ සිද්ධිය’ හට ගැනීමට ඔවුන්ගේ ප්‍රකාශ සාධකයක් විය. මෙවන් පිරිස මැතිවරණයෙන් ජය ගතහොත් මීළඟ ජනාධිපතිවරණය අවුල් සහගත තත්ත්වයට පත්විය හැකි යැයි ද එම ලිපිය පෙන්වා දෙයි.

The New York Times පුවත්පත පසුගිය දා වාර්තා කළේ තම රට ස්ථාපනය කළ අභිමතයන් ගෙන් ඇමරිකාව ඈත් වෙමින් සිටින බවයි. ඇමරිකාව කලක සිට ඊනියා ‘ ප්‍රජාතන්ත්‍රවාදී ’ ආදර්ශය බවට පත්ව නොමැත. ලොව විවිධ රටවල් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සැක පළ කර ඇති බව ද The New York Times පුවත්පත වාර්තා කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම