චීන කාම්බෝජ සබඳතා වඩාත් ශක්තිමත් කිරීමට පියවර
2022-11-10 08:55:30
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යන් මහතා කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා සමග ද්විපාර්ශ්වික සහයෝගතා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වෙයි. 

කාම්බෝජය සමග ඉහළ මට්ටමේ සංනිවේදනයන් පවත්වා ගැනීමට සූදානම් බව පැවසූ ලී කච්‍යන් මහතා දෙපාර්ශ්වයේ පොදු සැලකිල්ලට ලක්වන කරුණු සම්බන්ධයෙන් එකිනෙකාට සහාය වෙමින් චීන - කාම්බෝජ පරිපූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරන බවද සඳහන් කළේය. කාම්බෝජයේ තාක්ෂණ දියුණුව හා කෘෂිකාර්මික කර්මාන්තකරණය වෙනුවෙන් සහායවීමට චීනය සූදානම්ය. කාම්‍‍බෝජයේ කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය වර්ධනය කිරීම හා ප්‍රධාන ව්‍යාපෘති ඉදිරියට මෙහෙය වීමට එරටට සහාය වීමට චීනය කැමති බවද චීන අගමැතිවරයා කීය. ස්ථාවර සෞභාග්‍යවත් කාම්බෝජයක් කලාපීය ස්ථාවරත්වයට හා චීන ආසියාන් සබඳතා වර්ධනයට සුවිශේෂී බව ද ලී කච්‍යන් මහතා වැඩිදුරටත් පැවසීය.

හුන් සෙන් මහතා එහිදී සඳහන් කළේ චීනය හා කාම්බෝජය ශක්තිමත් මිතුරන් බවත් ද්විපාර්ශ්වික සබඳතාවන්ට කාම්බෝජ ජනතාවගේ අනුමැතිය මෙන්ම සහයෝගය ද හිමිව ඇති බවත් ය.

එම සාකච්ඡාව ඊයේ(9) කාම්බෝජයේ නොම් පෙන් අගනගරයේ පැවැත්විණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම