ගෝලීය උණුසුමට එරෙහිව සටන් කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීම සඳහා ඩොලර් ට්‍රිලියන 2 ක අරමුදල් ඉල්ලීමක්
2022-11-09 09:39:00
Share with:

ගෝලීය උණුසුම මැඩපැවැත්වීමට සහ එහි බලපෑම් වලට එරෙහිව සටන් කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීම සඳහා වසරකට ඩොලර් ට්‍රිලියන 2 ක අරමුදල් ඉල්ලීමක් ඉදිරිපත් වෙයි.

දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 26 වැනි සහ 27 වැනි සම්මන්ත්‍රණයේ සභාපති රටවල් විසින් සකස් කරන ලද ඒකාබද්ධ වාර්තාවෙන් 2030 දක්වා එම අරමුදල් ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

ඉන් ඩොලර් ට්‍රිලියන 1ක් ධනවත් රටවලින්, ආයෝජකයන්ගෙන් සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් හිමිවිය යුතු බව " දේශගුණික ක්‍රියාකාරකම් සඳහා මූල්‍යකරණය " යන  මාතෘකාවෙන් යුත් එම වාර්තාව පවසයි. තවත් ඩොලර් ට්‍රිලියන 1ක් ප්‍රාදේශීය පොදු මූලාශ්‍රවලින් සහ පෞද්ගලික ආයතනවලින් අපේක්ෂා කෙරේ.

දේශගුණික විපර්යාසවල බලපෑමෙන් සිදුවන හානිය වැලැක්වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා නැගී එන වෙලඳපොලවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අරමුදල් මූලාශ්‍ර ඉතා වැදගත් බව එම වාර්තාව සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම