න්‍යෂ්ටික අවි පරීක්‍ෂණ නැවත ආරම්භ කිරීම පිළිබඳව ඇමරිකාව හා රුසියාව අතර රැස්වීමක්
2022-11-09 09:39:36
Share with:

න්‍යෂ්ටික අවි පරීක්‍ෂණ නැවත ආරම්භ කිරීම පිළිබඳව ඇමරිකාව හා රුසියාව උපදේශක කමිටු රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කරයි.

එම න්‍යෂ්ටික අවි පරීක්‍ෂණ කටයුතු New START නමැති උපායමාර්ගික ආයුධ අඩු කිරීමේ ගිවිසුමට අයත්වන්නකි. එම රැස්වීම නුදුරේදී පැවැත්වීමට ඇමරිකාව එකඟ වී ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක Ned Price මහතා ඊයේ (8) පැවසීය. අදාළ ද්විපාර්ශ්වික උපදේශක කමිටු කටයුතු රහසිගතව ක්‍රියාත්මක වනු ඇත.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම