චීන විදේශ අමාත්‍යවරයා සහ ජගත් මහ සම්මේලනයේ සභාපතිවරයා අතර හමුවක්
2022-11-08 10:03:21
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ සභාපති Csaba Kőrösi මහතා හමුවෙයි.

එම හමුව ඊයේ (07)වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ වැදගත් කාර්යභාරයන් සඳහා චීනය සෑමවිටම සහයෝගය දෙයි. එසේම, දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ ජාත්‍යන්තර සහයෝගිතාවට අඛණ්ඩව සහය දෙන චීනය, එක්සත් ජාතීන්ගේ දේශගුණ විපාර්යාස රාමු සම්මුතියේ පාර්ශ්වයන්ගේ 27 වන රැස්වීම සාර්ථකව පැවැත්වීමට ද සක්‍රිය දායකත්වය ලබාදෙනු ඇතැයි වං යී මහතා පැවසීය.ගෝලීය සංවර්ධන යෝජනාව ක්‍රියාත්මක කිරීම මගින් විවිධ රටවල් සමඟ ජල සම්පත් පිළිබඳ අදහස් හුවමාරු කර සහයෝගිතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළේය. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය සාර්ථකව පැවැත්වීම පිළිබඳව සුබ පැතූ Csaba Kőrösi මහතා,  එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස රාමු සම්මුතියේ පාර්ශ්වයන්ගේ 27 වන රැස්වීමේ සාර්ථකත්වය සඳහා චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම, අවදානමට ලක්විය හැකි රටවල ජල සම්පත් කළමනාකරණ අභියෝග පිටුදැකීම සඳහා සහය දීමට අපේක්ෂා පළ කළේය.

මීට අමතරව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත්තේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම