ඇමරිකානු ආර්ථිකයේ අසාර්ථකත්වය ජනමත විමසුමකින් තහවුරු වෙයි
2022-11-08 11:22:00
Share with:

ඇමරිකානු ආර්ථිකය අසාර්ථක වී ඇතැයි එරට ජනමත විචාරණයකට එක්වූ 56% ක පිරිසක් පවසති.  

ඇමරිකාවේ “Morning Consult” නමැති ජනමත විමසීමේ ආයතනය විසින් ඊයේ (7) නිකුත් කෙරුණු වාර්තාවකට අනුව, එරට ආර්ථිකය මධ්‍යකාලීන මැතිවරණය කෙරෙහි දැඩි බලපෑමක් එල්ලකරනු ඇත. තම රටේ ආර්ථිකයේ අසාර්ථකභාවයක් පවතින බව, ජනමත විමසුමට සහභාගිවූවන්ගෙන් සියයට 56 ක පිරිසකගේ අදහස යි. ඉකුත් සති කිහිපයේ පාරිභෝගික විශ්වාසය ද 2020 වසරේ කොරොනා වසංගත අවදියේ රට අගුලු දැමූ කාලයේ තරම් පහත් මට්ටමකට වැටිණ. මීට අමතරව CNN පුවත් සේවය පැවැත්වූ මත විමසුමකින් පැවසුණේ, ඇමරිකාව ආර්ථික අවපාතයක පසුවන බව අතිමහත් බහුතරයක් විශ්වාස කරන බවයි.

ෆෙඩරල් සංචිතය මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමට පටන් ගැනීමත් සමඟ, ඇමරිකාවේ කොටස් හා නිවාස වෙළඳපොළවල් පසුබෑමට ලක්ව තිබේ. ලබන වසරේ ඇමරිකාව ආර්ථික අවපාතයකට මුහුණ පානු ඇතැයි  බොහෝ ආර්ථික විද්‍යාඥයන් ද අනාවැකි පළ කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම