චීනයේ හරිත මෙහෙයුම පිළිබඳ රැස්වීම ඊජිප්තුවේ දී
2022-11-07 10:25:17
Share with:

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට සමගාමීව චීනයේ හරිත මෙහෙයුම පිළිබඳ රැස්වීම පැවැත්වේ.

ඊජිප්තුවේ Sharm el Sheikh හි දී ඊයේ(6) පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියේ පාර්ශ්වයන්ගේ 27 වැනි සමුළුවට සමගාමීව "පොදු හරිත දිවියක ජයග්‍රහණ ලබාගැනීම - හරිත මෙහෙයුමට මහජන සහභාගිත්වය උදෙසා පෙනීසිටින්න" යන තේමාවෙන් රැස්වීමක් චීනයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

දේශගුණ විපර්යාස පිළිබඳ චීන විශේෂ නියෝජිත Xie Zhenhua මහතා පැවසුවේ, පැරිස් ගිවිසුම සක්‍රියව ක්‍රියාත්මක කරන චීනය, රටේ ස්වාධීන දායකත්ව තවදුරටත් ඉහළ නංවා, කාබන් විමෝචන මධ්‍යස්ථභාවයේ ඉලක්කය කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන කාර්යයන්  ශක්තිමත්ව මෙන්ම ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන බවයි.

සාධාරණත්වය, යුක්තිය සහ සහයෝගිතා ඔස්සේ පොදු ජයග්‍රහණ හිමිවන ගෝලීය දේශගුණ පරිපාලන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් චීනය ප්‍රඥාව සහ ශක්තිය සපයන බවද  Xie Zhenhua මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම