චීන අගමැතිවරයාගේ නමින් යුතු ලිපියක් කාම්බෝජ මාධ්‍යයන් හි පළකෙරේ
2022-11-07 17:54:33
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතාගේ නමින් යුතු ලිපියක් කාම්බෝජ මාධ්‍යයන් හි පළවේ. “චීන-කාම්බෝජ මිත්‍රත්වය සහ නැගෙනහිර ආසියානු සහයෝගිතාව උපරිම තලය දක්වා” යන්න එහි තේමාවයි.

අග්‍රාමාත්‍යවරයා මෙම ලිපිය පළකළේ, නැගෙනහිර ආසියානු සහයෝගිතා නායක රැස්වීම් මාලාවට සහ  කාම්බෝජ නිල සංචාරයට පූර්වගාමීව යි. මෙම ලිපිය කාම්බෝජ, ඉංග්‍රීසි හා චීන යන භාෂාවලින් එරට ප්‍රධාන මාධ්‍යයන් හි පළකෙරිණ.

බහුපාර්ශ්විකවාදය හා ආර්ථික ගෝලීයකරණය පිළිබඳ නිවැරදි දිශාව අඛණ්ඩව අනුගමනය කළ යුතු බවත්, එමගින් සංවර්ධන උපායමාර්ග සම්බන්ධතා ශක්තිමත් කෙරෙන අතර, කලාපීය වෙළඳාම සහ නිදහස් වෙළඳාම පොදුවේ සංවර්ධනය කළ යුතු බවත්, මෙම ලිපියේ සඳහන් වේ.

චීන-ලාඕස දුම්රිය, නැගෙනහිර ආසියාවේ දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ මුලපිරුම යන නිදර්ශන ව්‍යාපෘති මගින්, ජනතා ජීවනෝපාය යහපත් කෙරෙන අතර, සංස්කෘතික හා සංචාරක යන ක්ෂේත්‍රවල මානව සංස්කෘතික හුවමාරු පුළුල් කිරීමට, චීනය කැමැත්තෙන් සිටී. චීනය සෑමවිටම ආසියාන් සංවිධානයේ එකමුතුවට සහ මධ්‍යගත භාවයට දැඩි සහයෝගය ලබාදෙන බව ද, මෙම ලිපියෙන් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම