G7 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය
2022-11-07 19:07:45
Share with:

G7 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන් ජර්මනියේ Münster හි දී නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ, චීන තායිවානය, හොංකොං, Xinjiang හා ටිබෙට් යන තම රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව සඳහන් කිරීම සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා මේ පිළිබඳව පැවසුවේ, තායිවානය, හොංකොං, Xinjiang හා ටිබෙට් කෙරෙහි චීනයේ ස්ථාවරය පැහැදිලි මෙන්ම ස්ථිර බවයි.

G7 විදේශ ඇමතිවරුගේ ඊනියා ඒකාබද්ධ ප්‍රකාශය, චීනයේ නොසැලෙන ස්ථාවරය සහ වෛෂයික කරුණු නොසලකා හැරීමකි. එසේම, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි මැදිහත්වීමක් වන මෙය, තම රටට කළ ද්වේෂ සහගත අපහාසයක් බව ද Zhao Lijian මහතා කියාසිටී. මේ පිළිබඳව චීනය අප්‍රසාදය මෙන්ම සහ දැඩි විරෝධය පළකරන බව, හෙතෙම අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම