චීන-මැඩගස්කර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 50වැනි සංවත්සරයට දෙරටේ ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
2022-11-06 20:03:36
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ මැඩගස්කර ජනාධිපති Andry Nirina Rajoelina මහතා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 50වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගනිති. ඔවුහු අද(06) එම පණිවිඩ යොමු කළහ.

ෂී ජින් පිං මහතා සිය පණිවිඩයෙන් චීන-මැඩගස්කර සබඳතාව තමා ඉහළින් වැදගත් කොට සලකන බව සඳහන් කර තිබේ. Rajoelina මහතා සමග එක්ව ‍වෑයම් දරමින් දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරය පදනම් කර ගනිමින් දෙරටේ මිත්‍රශීලී සහයෝගිතා මට්ටම අඛණ්ඩ ව ඉහළ නංවමින් දෙරට හා දෙරටේ ජනතාව වෙත සුබසෙත සැලසීමට කැමති බව ද ෂී ජින් පිං මහතා වැඩිදුරටත් සඳහන් ක‍ර තිබේ.

මැඩගස්කර ජනාධිපති Andry Nirina Rajoelina මහතා චීනය සමග එක්ව, පොදුවේ ප්‍රයත්න දරමින් වඩාත් පුළුල් මැඩගස්කර-චීන පොදු මානව ඉරණම සහිත ප්‍රජාව ගොඩනැංවීම තම රටේ අපේක්ෂාව බව ද හෙතෙම කියාසිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම