තෙත්බිම් සංරක්ෂණ සඳහා ගෝලීය සම්මුතියක් ඇති කර ගත යුතු බව පරිසර විශේෂඥයෝ පවසති
2022-11-06 15:36:39
Share with:

චීන  ජනපති ෂී ජින්පිං මහතා  ඊයේ (5) චීනයේ වුහාන් හි පැවති තෙත්බිම් පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන් ගේ සමුළුවේ 14 වැනි සැසිවාරයේ සමාරම්භක උත්සවයට වීඩියෝ ආකාරයෙන් සහභාගී විය. හෙතෙම “තෙත්බිම් අගය කිරීම, අනාගතය සුරකීම සහ තෙත්බිම් සංරක්ෂණ පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම”යන මැයෙන් දේශනයක්  පැවැත්වීය.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ දේශනය ඉතා වැදගත් බව බොහෝ රටවල පරිසර විශේෂඥයෝ පවසති. තෙත්බිම් ආරක්‍ෂාව පිළිබඳ ගෝලීය කි‍්‍රයාකාරීත්වය ඒකාබද්ධව ප‍්‍රවර්ධනය කිරීමෙන් පමණක්, අපට අනාගත පරපුරට තෙත්බිම්වල විශිෂ්ට සුන්දරත්වය ඉතිරි කළ හැකිය.

ඉරාක පරිසර විශේෂඥ හයිඩා මොහොමඩ් මහතා පැවසුවේ තෙත්බිම් සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ චීනයේ සාර්ථක අත්දැකීම් සෙසු රටවලට තමන්ගේ පරිසරය වැඩිදියුණු කිරීම සඳහා දායක කර ගැනීමට හැකිවනු ඇති බවයි.

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම