වඩා විවෘත සහ ස්ථාවර වෙළඳ ප්‍රතිපත්තියක ප්‍රතිලාභ චීනය තුළින් අවබෝධ කර ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව කියයි
2022-11-05 16:21:01
Share with:

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමාව වන "ගෝලීය විවෘතභාවය සඳහා නව ගම්‍යතාවක් උත්තේජනය කරමින් සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා නව අවස්ථා බෙදාගැනීම"  වත්මන් ලෝකයට අවශ්‍යම සාධකයක් බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය පවසයි. ඇය මේ බව කියාසිටියේ, ඊයේ(4) පැවති 5වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල වීඩියෝ ආකාරයෙන් අමතමිනි.

විවෘත වෙළඳාම ආරක්ෂා කොට ප්‍රවර්ධනය කළ යුතු බව ඇය එහිදී පෙන්වා දුන්නාය. වඩා විවෘත සහ ස්ථාවර වෙළඳ ප්‍රතිපත්තියක ප්‍රතිලාභ චීනය තුළින් අවබෝධ කර ගත හැකිය. ගෝලීය ආර්ථික බලවතෙකු ලෙස චීනය ලෝක වෙළඳ සංවිධාන‍යෙහි ප්‍රධාන නායකත්ව කාර්යභාරයක් ඉටුකරයි. බහුපාර්ශ්වික පද්ධතිය ශක්තිමත් කිරීමට චීනයට අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන් සමඟ සම්බන්ධ විය හැකි බව ද ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම