ඉරාන ජනතාව ඇමරිකානු ආධිපත්‍යය හෙළාදකිමින් ගෝලීය අහංකාරයට එරෙහිවීමේ දිනය සමරති
2022-11-05 16:18:09
Share with:

ඇමරිකාවේ ආධිපත්‍යය හෙළාදැකීමට ඉරාන වැසියෝ පෙළ ගැසෙති.

ඇමරිකාවේ ආධිපත්‍යය හෙළාදැකීම සහ "ගෝලීය අහංකාරයට එරෙහිවීමේ දිනය" සැමරීම සඳහා ඉරානය ඊයේ(4) රට පුරා ඇමරිකා-විරෝධී රැලි පැවැත්වීය.

1979 දී ඉරානයේ ඉස්ලාමීය විප්ලවය සිදුවිය. නොවැම්බර් 4 වැනිදා විප්ලවයට සහභාගි වූ එරට සිසුහු ඉරානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට කඩා වැදී, ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් එහි රඳවා තැබූහ. එතැන් සිට ඉරානය නොවැම්බර් 4වැනිදා "ගෝලීය අහංකාරයට එරෙහිවීමේ දිනය" ලෙස නම් කර ඇත. සෑම වසරකම ඇමරිකානු විරෝධී රැලි පවත්වමින් එම දිනය සමරනු ලැබේ.

මේ වසරේ රට පුරා නගර 900 ක එවැනි රැලි පැවැත්වූ බව ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම