චීන Beidou චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය ලෝකයේ චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතියක් බවට පත් වෙයි
2022-11-04 20:21:04
Share with:

"තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට උත්සාහ  දැරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය ලබා දීමෙන් Beidou චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය ට ජාත්‍යන්තර සංවර්ධනයට දායකත්වයක් ලබා දිය හැකි යැයි " එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Dhabi හි පැවති ගෝලීය නාවික චන්ද්‍රිකා පද්ධති පිළිබඳ ජාත්‍යන්තර කමිටුවේ 16 වැනි සම්මේලනයේදී පාකිස්තාන නියෝජිතයා පවසා තිබේ. අද( 4) චීනය නිකුත් කරන ලද නව යුගයේ චීන Beidou චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය පිළිබඳ ධවල පත්‍රිකාවේ මෙම කරුණ සම්පුර්ණයෙන්ම පෙන්නුම් කෙරේ.

වචන 12,000 කින් යුත් මෙම ධවල පත්‍රිකාව චීනයේ  Beidou චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය සංවර්ධනය පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සපයයි. චීන Beidou චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය නව යුගයකට ප්‍රවේශ වූ දා සිට එය නව සේවා හැකියාවන් ගොඩනඟා, නව කාර්මික සංවර්ධනයක් අත්කර ගෙන, විවෘත කිරීමේ නව රටාවක් ස්ථාපිත කර අනාගතය සඳහා නව ගමනක් ආරම්භ කර තිබේ.

1994 දී චීනය ස්වාධීන චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධතියක් සංවර්ධනය කිරීම ආරම්භ කළේය. උසස් තාක්‍ෂණය, උසස් සැලසුම් සහ බලවත් ක්‍රියාකාරකම් සහිත ලෝක මට්ටමේ ගෝලීය සංචලන චන්ද්‍රිකා පද්ධතියක් බවට චීන Beidou චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය ඉදිරියට ගමන් කරයි.

දැනට, රටවල් සහ කලාප 230කට අධික සංඛ්‍යාවක බිලියන 1.5කට අධික පරිශීලකයන් Beidou වේගවත් ස්ථානගත කිරීම් සහ Beidou ඉහළ නිරවද්‍ය සේවා භාවිත කරයි. "චීනයේ බෙයිඩෝ" සැබවින්ම "ලෝකයේ Beidou " බවට පත්ව තිබේ.

මෙම ධවල පත්‍රිකාව ප්‍රථම වරට 2035 වන විට Beidou හි සංවර්ධනය සඳහා සැලැස්මක් ද සකස් කළේය. එම කාලයේ දී, මිනිසුන්ට ලොව කොතැනක සිටියත් Beidou චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය විසින් සපයනු ලබන ආරක්ෂිත සහ විශ්වාසදායී අවකාශය සහ කාල තාක්‍ෂණය භුක්ති විඳීමට හැකි වනු ඇත. නව යුගයේ Beidou ලෝකයට වඩා හොඳින් සේවය කරනු ඇති අතර මානව වර්ගයාට ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම