කියුබාවට එරෙහි සම්බාධක අවසන් කරන්නැයි ජගත් සංවිධානය යළිත් ඇමරිකාවෙන් ඉල්ලයි
2022-11-04 09:28:43
Share with:

කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය සම්බාධක අවසන් කරන ලෙස යළිත් වරක් අමෙරිකාවට බලකරමින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ප්‍රබල යෝජනාවක් සම්මත කරයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙවැනි යෝජනාවක් සම්මත කළ 30 වැනි වතාව මෙයයි. මෙය ඊයේ (3) සිදුකෙරිණ.

කියුබාව විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනා කෙටුම්පත පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඡන්ද විමසීමක් පැවත්විණ. සාමාජික රටවල් 193න් 189ක් ඊට සහභාගි වූ අතර, යෝජනාවට පක්ෂව  ඡන්ද 185ක් හිමිවිය. ඇමරිකාව සහ ඊශ්‍රායලය විපක්ෂව ඡන්දය භාවිත කළ අතර, යුක්රේනය සහ බ්‍රසීලය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම