චීන-ජර්මන් සබඳතාව මනා ලෙස තහවුරු කිරීම චීන-යුරෝපා සබඳතාවට හා ලෝකයට ද හිතකර බව චීනය කියයි
2022-11-03 18:47:24
Share with:

චීන-ජර්මන් සබඳතාව මනා ලෙස තහවුරු කිරීම දෙරටට පමණක් නොව චීන-යුරෝපා සබඳතාවට හා ලෝකයට ද හිතකර වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශ Zhao Lijian මහතා අද(03) නිත්‍ය මාධ්‍ය හමුවේදී ජර්මානු චන්සලර්වරයා චීනයේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව අදහස් දක්වමින් මේ බව කියා සිටියේ ය.

ඔහු පවසන්නේ Olaf Scholz මහතා චන්සලර් ධුරයට පත්වීමෙන් පසු නිරත වීමට නියමිත චීන නිල සංචාරය සාර්ථක වනු ඇති බවට චීනය අපේක්ෂාවෙන් සිටින බවයි. චීනය හා ජර්මනිය පූර්ණ උපායමාර්ගික හවුල්කරුවන් ය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 50වැනි සංවත්සරය මෙම වසරෙට යෙදේ. ජර්මනිය සමග එක්ව ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් පුළුල් කරමින් ලෝක සාමය හා ස්ථායිතාව වෙත වඩාත් වැඩි සවියක් ලබා දීම චීනයේ අපේක්ෂාව බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම