දිගුකාලීන Covid 19 රෝගී තත්ත්ව හේතුවෙන් ඇමරිකාවේ දහස් ගණන් ජනතාවට දැඩි පීඩා
2022-11-03 10:13:02
Share with:

ඇමරිකාවේ වැඩිහිටියන් මිලියන 24 කට ආසන්න පිරිසක් දිගුකාලීන Covid 19 රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති බව වාර්තා වේ. 

ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ඊයේ (2)  නිකුත් කළ දත්තවලින් මේ බව හෙළිවී ඇත. 

 West Virginia ප්‍රාන්තයේ Covid- 19 ආසාදිතයන්ගෙන් පශ්චාත් රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති අනුපාතය සියයට 49ක් වන අතර එය මේ පිළිබඳ වාර්තා වූ ඉහළ ම අගයයි. එමෙන්ම Florida ප්‍රාන්තයේ ආසාදිතයන්ගෙන් හතරෙන් එකක පිරිසක් පවසා ඇත්තේ, ඔවුන්“ දිගුකාලීන Covid- 19 රෝගයෙන්” පීඩාවිඳින බවයි.

මීට අමතරව, ඇමරිකානු බුද්ධි මණ්ඩලය වන Brookings ආයතනය පසුගිය අගෝස්තු මස නිකුත් කළ වාර්තාවට අනුව, ඇමරිකානුවන් මිලියන 4 ක පිරිසකට දිගුකාලීන Covid- 19 රෝග තත්ත්ව හේතුවෙන් රැකියා අහිමි වනු ඇත. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම