චීන- සිංගප්පූරු සබඳතාවන්හි වැදගත් ජයග්‍රහණ රැසක්
2022-11-03 11:36:36
Share with:

චීන උපඅග්‍රාමාත්‍ය Han Zheng මහතා සිංගප්පූරුවේ නායකයන් හමුවෙයි. නොවැම්බර් 1,2 දිනවල එරට නිල සංචාරයකට එක්වූ Han Zheng මහතා සිංගප්පූරු ජනාධිපති, අගමැති සහ නියෝජ්‍ය අගමැති හමු වී සාකච්ඡා පැවැත්වීය.

වත්මන් චීන- සිංගප්පූරු සබඳතා වර්ධනය මනා තත්ත්වයක පවතින බවත්, දෙරටේ නවීකරණය ඒකාබද්ධ කිරීම සහ අන්‍යෝන්‍ය ප්‍රවර්ධනය සඳහා සිංගප්පූරුව සමඟ පුළුල් සහයෝගිතා දිගටම පවත්වා ගැනීමට චීනය සූදානම් බවත් චීන උපඅග්‍රාමාත්‍යවරයා සිංගප්පූරු නායකයන් හමුවේ පැවසීය.

සිංගප්පූරු ජනාධිපතිනි  Halimah Yacob මහත්මිය සහ අග්‍රාමාත්‍ය Lee Hsien Loong මහතා ප්‍රකාශ කළේ, දෙරට සබඳතා වර්ධනය කිරීම සඳහා තමන්  විශාල වැදගත්කමක් ලබාදෙන බවයි. චීනය සමග එක්ව ඉහළ  සංවර්ධන ජයග්‍රහණ අත්කර ගැනීමට අපේක්ෂා කරන බව ඔවුහු පැවසූහ. බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සහ නීති රීති ආරක්ෂා කිරීම, කලාපීය ස්ථාවරත්වය හා විවෘතභාවය ප්‍රවර්ධනය මෙන්ම ලෝකයේ තිරසර සංවර්ධනය උදෙසා චීනය සමඟ කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව මෙම නායකයෝ කියාසිටියහ.

Han Zheng මහතා සහ සිංගප්පූරු උපඅග්‍රාමාත්‍ය Heng Swee Keat මහතා නොවැම්බර් පළමුවැනිදා පැවති චීන-සිංගප්පූරු ද්විපාර්ශ්වික සහයෝගිතා යාන්ත්‍රණ සමුළුවේ සම මුලසුන දැරූහ. හරිත සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය, අන්‍යොන්‍ය සම්බන්ධතා හා සන්නිවේදනය යන ක්ෂේත්‍රවල වැදගත් ජයග්‍රහණ 19 ක් දෙරට සාක්ෂාත් කර ඇති බවට ඒකාබද්ධ නිවේදනයක්, සමුළුවෙන් අනතුරුව නිකුත් කෙරිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම