කළු මුහුදු වරායේ කෘෂි නිෂ්පාදිත අපනයන ප්‍රවාහන ගිවිසුම පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා තුර්කි ජනාධිපතිවරයා සමග දුරකථන සංවාදයක නිරත වෙයි.
ඊයේ(1) රාත්‍රියේ එම දුරකථන සංවාදය පැවැත්විණ. කළු මුහුදු වරායේ කෘෂි නිෂ්පාදිත අපනයන ප්‍රවාහන ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය සාකච්ඡා කරමින් ජනාධිපතිවරුන් දෙපළ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
රුසියාව අදාළ ගිවිසුම තාවකාලීකව අත්හිටුවීමේ හේතුව පුටින් මහතා එහිදී තුර්කි ජනාධිපති Tayyip Erdogan මහතාට දැනුම් දී ඇතැයි රුසියානු ජනාධිපති මන්දරයේ වෙබ් අඩවි වාර්තාවක් පවසයි. බටහිර රටවල අනුබල යටතේ යුක්රේනය විසින්, යුක්රේන ධාන්‍ය අපනයන ප්‍රවාහනය සඳහා ස්ථාපිත කරන ලද මුහුදු මානුෂීය කොරිඩෝවේ ආරක්ෂාව භාර රුසියානු කළු මුහුදු නෞකා කණ්ඩායමට ප්‍රහාර එල්ල කර ඇති බව පුටින් මහතා පැවසීය.
මේ අතර, රුසියාව හා යුක්රේනය සමග එක්ව අදාළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතු වූ ප්රශ්නය විසඳා ගැනීමට තම රට උත්සාහ දරමින් සිටින බව Tayyip Erdogan මහතා එම දුරකථන සංවාදයේදී ප්‍රකාශ කර ඇතැයි තුර්කි ජනාධිපති මන්දරය නිවේදනය කරයි. මීට පෙර ඇති වූ ප්‍රශ්න විසඳා ගත් ආකාරයෙන්ම, රුසියාව හා යුක්රේනය ගැටළු විසඳීම පදනම්ව සහයෝගතා පවත්වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.